මධුවිත පිරෙනා ඇඳිවත නැසෙනා
දුර ගව් ඈත සිතිජයකින් පාවී ආවේ මා
මරු වැල් පිරුණු යම කතරේ පිපි ඒ පියුම සොයා
නිතඹ සැලෙනා රන් සළු ඉරුණු දෙව්ලිය වන් අඟනා
ශෘංගාර නෙතඟින් මා දෙස බලා
නෙත් කැළුම් පිපුනු රන් සඳවත
ඇදුනා මාගෙ දෙනුවන් කෝල බැල්මෙන්
දිවැසින් මාන බලමින් ඈ දෙස
යුගයෙන් යුගයට දැල්වුණු ආශා දෙනෙතේ රූ ඇඳුනා
පායා ආ සඳ සේදී කාලේ තිමිරෙන් වැසුනා
වියපත් හදවත සුසුමක් හිරකර
නෙතු සිල් බිඳින මත් කරන ලඳුනේ මා දකිනා
මල් මකරන්ද රොන් පතන වියපත් වූ බඹරා
සැරිසරා ආත්මයේ මා..ඔබ සොයනා..
නෙත් කැළුම් පිපුනු රන් සඳවත
ඇදුනා මාගෙ දෙනුවන් කෝල බැල්මෙන්
දිවැසින් මාන බලමින් ඈ දෙස
නෙතු සිල් බිඳින මත් කරන ලඳුනේ මා දකිනා
මල් මකරන්ද රොන් පතන වියපත් වූ බඹරා
සැරිසරා ආත්මයේ මා..ඔබ සොයනා
සැරිසරා ආත්මයේ මා..ඔබ සොයනා
සැරිසරා ආත්මයේ මා..ඔබ සොයනා