නිශාවෙන් ලොව ගෙවුන මුත් මොහොතේ
රුවක් රැඳුනා මගේ හිස් අහසේ
ඔබට මතකද මවපු පෙම් සිහිනේ
ඒ විරාමය රිදුම් දෙයි සිහිවේ
හමා ඇවිදින් සිසිලසක් විලසේ
යලිත් රිදවයි විරහ ගීයක් සේ
නිශාවෙන් ලොව ගෙවුන මුත් මොහොතේ
රුවක් රැඳුනා මගේ හිස් අහසේ
තියේ සැමරුම් අපේ නෙත් අතරේ
දවාලයි දුක වෙලාගෙන දිවියේ
අගෙයි ඔබ දුන් නිශාවක උරුමේ
නිශාවෙන් ලොව ගෙවුන මුත් මොහොතේ
රුවක් රැඳුනා මගේ හිස් අහසේ